Super singer santhosh amma songs sinhala
Super singer santhosh amma songs sinhala
Amma songs sinhala.
Amma Lyrics
ජීවිතයට එලිය ගෙනා පහනයි මට අම්මා
ජීවිතයට සිසිල දෙනා සදදිය මට අම්මා
ජීවිතයට සෙවන වෙනා තුරුලිය මට අම්මා
ජීවිතයට සුසුම උනා මට මාගේ අම්මා
නිමා නොවන වේදනාවො මුලු දිවියෙම දැරුවා
සමාදියෙන් මව් පදවිය නිති ඔපවත් කෙරුවා
අමා රසැති කිරි බිදුවට රතු රුහිරය පෙරුවා
නමා සිරස ගයනෙමි ගුණ මම අම්මගෙ දරුවා
දරා දසමසක් කුසතුල රැක්කෙද අම්මාය
පෙරා රුහිරු වැල් කිරි කර පෙව්වෙත් අම්මාය
පුරා දිවියෙ උසුලන දුක් නිම් නැති අම්මාය
සරා සදමඩල මගෙ මුලු ලෝකයෙ අම්මාය
දුවේ පුතේ මේ අහන්න ආදරබර අම්මා
ලොවේ ලොකුම වේදනව වින්දෙ ඇයයි අම්මා
සුවේ නොලද ජීවිතයක දුක් දරනා අම්මා
තැවේ දැවේ දරුවන් ලග නොසිදෙන පෙම අම්මා
පෝය දාට අහස් කුසේ දිලෙනා සද වාගේ
තිබුනා ලස්සන රූපය පෙරදා අම්මාගේ
දරුවො තනන්නම වෙහෙසී සුන්දර මල් වාගේ
අකලට වැහැරී ගියානේ මුලු සිරුරම ඈගේ
ලිප ගින්දරටම පිච්චී තිබු ලස්සන මූන
රැලි වැටිලා කලු උනානෙ හැම දවසක් ගාන
සියුම් දෑත රලු වූවෙත් ඒ අප හින්දාන
ලොව පින්බර එකම දසුන අම්මයි මට පේන
දැලි වලදට ගෙව්නා නුබෙ නියපොතු ඔක්කෝම
දුක හිතෙනව අම්මේ ඒ අත් දෙක දැක්කාම
සැනසුම වින්දේ පමනයි දරුවන් රැක්කාම
කදුල